මලාලා යූසුෆ්සායි ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාර ගත කළේ යැයි පැවසුණු චූදිතයන් 10 දෙනාගෙන් 8 දෙනෙකු නිදහස්ව ඇති බව වාර්තා වෙයි.
පසුගිය අප්‍රේල් මාසයේදී තලේබාන් සටන්කාමීන් 10 දෙනෙකු මෙසේ චෝදනා ලබා, වසර 25ක සිරදඬුවමක් ඔවුන් වෙත ලබාදෙන ලදී.
කෙසේ වෙතත්, මින් සිරදඬුවම් නියම වී ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් බව බී.බී.සී.යට වාර්තා වන අතර, මෙම අධිකරණ ක්‍රියාවලිය අතිශය රහසිගතව සිදුකිරීම තුළ මෙම තොරතුරු නිවැරදිව අනාවරණය නොවූ බව කියැවෙයි.