පාකිස්තානයේ සුප්‍රසිද්ධ සුෆි මුස්ලිම්වරුන්ගේ පුදබිමක් ඉලක්ක කරමින් IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 70කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාකිස්තානයේ සින්ධ් ප්‍රාන්තයේ පිහිටි පුදබිම බැතිමතුන්ගෙන් පිරී පැවති අවස්ථාවේදී මරාගෙන මැරෙන ප්‍රහාරකයා සිය බෝම්බය පුපුරුවාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයත් සමග පුදබිමේ සිටි ජනතාව බියෙන් තැතිගෙන හිස් ලූලූ අත දිවයෑම හේතුවෙන් බොහෝ දෙනෙකු බිම වැටී එකිනෙකා පෑගී ඇති බවත් සඳහන් වෙයි.
පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ් මෙම ප්‍රහාරය දැඩිව හෙලා දැක ඇති අතර, ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් භාරගෙන තිබේ.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයේ දී පුද්ගලයන් සියගණනක් තුවාල ලබා සිටින අතර, ඔවුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රෝහල් පහසුකම් ප්‍රදේශය තුළ නැති නිසා වෛද්‍යවරු අපහසුතාවට මුහුණපා සිටි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි. මේ තත්ත්වය තුළ මියගිය පිරිස තවදුරටත් වැඩිවිය හැකි බවද සඳහන් වෙයි.
බ්‍රහස්පතින්දා දිනයේදී මෙම පූජනීය ස්ථානය තුළ වැඩි වශයෙන් ජනයා පිරී පැවති ශුද්ධ වූ දිනයක් ලෙසද සැලෙකයි.