වසර 61ක පමණ කාලයක් පැවති මරණීය දණ්ඩන තහනම ඉවත් කෙරෙමින්, මරණීය දණ්ඩනය යළි ක්රියාවට නැංවීමට කටයුතු යොදන බව මාලදිවයින් ජනරජය පවසයි.
කෙසේ වෙතත් මාලදිවයිනේ මෙම පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කණස්සල්ල පළ කර ඇති බව බී.බී.සී.ය පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය මගින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයකින් පැවසෙන්නේ, ඉදිරි කාලයෙහි මාල දිවයින් රජයට වයස අවුරුදු 7ක තරම් වන ළමුන් පවා මරණීය දණ්ඩනයට යටත් කොට, ඔවුන්ගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු එය ක්රියාත්මක කිරීමට මේ හරහා ඉඩ සැලසෙන බවයි.
එමෙන්ම මෙම නව සැලැස්ම යටතේ මාරාන්තික විසක් ශරීරයට එන්නත් කිරීමෙන් මෙම දඬුවම ක්රියාත්මක කිරීමට යන බවද වාර්තා වෙයි.
එමෙන්ම, මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයා සතු වත්මන් බලය සීමා කිරීමටද මෙම නව නීතිය මගින් සංශෝධන ගෙන ඇති බව එරටින් වාර්තා වෙයි.
එරට රජයේ ආරංචි මාර්ගවලට අනුව මේ වනවිටත් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයන් 20ක් පමණ එරට බන්ධනාගාරගතව සිටී.