මිනී මැරීමේ චෝදනාවට වරදකරුවන් වූ අයට අනිවාර්යයෙන්ම මරණීය දඬුවම ක්‍රියාවට නැංවීමේ නීතිය වෙනස් කිරීමට බාර්බඩෝස් රජය නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත් මේ සඳහා රටේ බහුතර ජනතාවගෙන් විරෝධයක් එල්ල විය හැකි බව නීතිපති එඩ්රියල් බාර්ත්වෙයිට් පවසයි.
එරට මරණීය දණ්ඩනය නීතිගත වී තිබුණද 1984 වසරේ සිට එය ක්‍රියාත්මක වී නොතිබිණි.
මේ තත්ත්වය තුළ යෝජනාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පෙර ජනතා සංවාදයකට යොමු කරන බව නීතිපතිවරයා පවසයි.
ඉංග්‍රීසි බස හසුරුවන බොහෝ කැරීබියානු රාජ්‍යයන් මරණ දඬුවම පිළිගෙන ඇතත්, මේ කලාපයේ එය නීත්‍යනුකුලව ක්‍රියාත්මක වීම විරල තත්ත්වයකි.
2008 දී ශාන්ත කිට්ස් සහ නෙවිස් හි මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර, බහමාස්හි මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත්තේ 2000 වසරේදීය.