සිරියානු ගැටුම්වලට මැදිවී බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 3 ක් වන මේ දරුවා අද ජීවතුන් අතර නැත. මේ ඡායාරූපය අන්තර්ජාලය තුළ වේගයෙන් පැතිර යන්නේ, 'මම මේ හැම දෙයක්ම දෙවියන්ට කියනවා' යන ඔහුගේ අවසන් වදන් පෙළ සමගිනි.
බැලූ බැල්මටම මේ ඡායාරූපය අප හද තුළ තිගැස්මක් ඇති කරන බව නොරහසකි. නමුත්, ඒ වදන් පෙළ අප තුළ ඇති කරන්නේ ඊටත් වඩා තිගැස්මකි. තුවාල ලබා සිටින දරුවාට ඇති වේදනාව පැවසීමට තවත් අටුවාටීකා අවශ්‍ය නොවන්නේ, මේ ඡායාරූපයෙන් මැවෙන ඔහුගේ වේදනාවට ඊටත් වඩා සාක්ෂියක් අවශ්‍ය නොවන නිසාය.
මෙය සිරියානු පාලක බෂර් අල්-අසාද්ගේ ක්‍රෑර පාලනයේ ගොදුරක් යනුවෙන් ඇතමෙකු හඳුන්වා සිටියද, එය අර්ධ සත්‍යයකි. බෂර් අල්-අසාද් යුද වදින්නේ තවත් පාර්ශ්වයක් සමගය. ඔවුන්ද සිරියානුවෝමය. නමුත්, මේ දෙපාර්ශ්වයම සාමයට අකැමැතිය. ඔවුන් දෙගොල්ලන්ම ඉල්ලන්නේ ලෙයට ලෙයය. ඒ අනුව, ලෝකයේ අනෙක් රාජ්‍ය නායකයන් මෙන්ම අසාද්ද යුද්ධයක පැටලී ඇත. අද සිරියානු යුද්ධය යනු දස දහස් ගණන් ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන ඛේදනීය අත්දැකීමකි. මිලියනයකට වැඩි සිරියානුවන්ට අනාථ කඳවුරුවල වන්දි ගෙවීමට සිදුවන දුක්ඛිත ඉරණමකි.
මේ කිසිත් නොදත් මේ අහිංසක දරුවා මරණය පෙනී පෙනී,'මේ හැම දෙයක්ම දෙවියන්ට කියන්නට' සිතුවේ මේ අපරාධය දෙවියන්ගේ නාමයෙන්වත් නවත්වන්න යැයි කියා වන්නට පුළුවන. මේ පුංචි සිත් නොරිදන්නට බලකාමයෙන් මත්වූ මිනිසා කවදා නම් උත්සාහ කරනු ඇද්ද?