ලිබියාවට ඔබ්බෙන් වූ මධ්‍යධරණී මුහුදේදී අනතුරට පත් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවේ මියගිය 24 දෙනෙකුගේ ආදාහනයන් මෝල්ටාවේදී සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය ඉරිදා දිනයේදී සිදුවූ අනවසර සංක්‍රමණික අනතුරින් පුද්ගලයන් 800ක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, ඉතාලියේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සමග ගැටීමෙන් මෙම යාත්‍රාව එහි නියමුවා විසින් අනතුරට පත්කර ඇති බව බලධාරීහු පවසති.
ඒ අනුව, මෙම වසරේදී පමණක් සංක්‍රමණික යාත්‍රා අනතුරුවලින් මියගිය පිරිස 1,750 ඉක්මවා ඇති බව කියැවෙයි.
මේ අතර, මධ්‍යධරණී මුහුදේදී මිනිසුන් සිය ජීවිත පරදුවට තැබීම වැළැක්වීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් නායකයන් හදිසි සමුළුවක් පවත්වා තිබේ.