වෙනිසියුලාවේ වත්මන් ජනපති නිකොලාස් මදූරෝගේ රජයට එරෙහිව පැවති උද්ඝෝෂණවලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහිදී, වෙනිසියුලාවේ අගනුවර වන කර්කාස් හි සිදුවූ වෙඩි තැබීමකින් නව යොවුන් වියේ දරුවෙකු සහ සැන් ක්රිස්ටොබාල් හි සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, කර්කාස් හිදී ජාතික ආරක්ෂක නිලධාරියෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විය.
රට තුළ ජනාධිපතිවරණයක් කඩිනමින් පවත්වන ලෙසත්, දැනට සිරගතව සිටින විරුද්ධ පක්ෂ දේශපාලඥයන්ව නිදහස් කරන ලෙසත් ඉල්ලා දහස් ගණන් ජනතාව වීදිබැස ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා පවසන්නේ විරුද්ධ පාක්ෂිකයන් පොලීසියට පහරදෙමින්, වෙළෙඳ සැල් මංකොල්ලකෑම්වලද නිරතව ඇති බවයි.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලයන් 30කට ආසන්න පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති බවද ජනාධිපතිවරයා පවසයි.
මේ අතර, රජයට පක්ෂපාතී ජන රැළියක්ද කර්කාස් නුවර පැවත්වෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.