මත්වීම සඳහා සබන් දියරයක් පානය කළ රුසියානු ජාතිකයන් 33ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම සබන් දියරය පානය කිරීමෙන් තවත් පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද එම මාධ්‍ය වාර්තා පවසයි.
මෙම බෝතල්වල මිනිස් පරිභෝජනයට නුසුදුසුයි යනුවෙන් පැහැදිලිව සඳහන්ව තිබුණත්, එය නොසලකා හරිමින් මත්වීම සඳහා මෙය පානය කරන්නට ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
කෙසේ වෙතත්, මෙම මරණ සම්බන්ධයෙන් මේ වනවිටත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ සබන් දියරය වෙළෙඳ පොළෙන් ඉවත් කිරීමටද රුසියානු බලධාරීන් කටයුතු කර තිබේ.
අධික ප්‍රතිශතයක් මෙතනෝල් අඩංගු දියරය ඇතුළත් බෝතලයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු බව ඉතා පැහැදිලිව සටහන් කොට තිබුනත් එම අවවාදය නොසලකා හැර ඇති බව පොලිස් පරීක්ෂණ කමිටුව පවසයි.
පිරිසුදු කාරකයක් ලෙස යොදාගන්නා රසායනිකයක් මෙම සබන් දියරයේ අඩංගු වී ඇති අතර, මෙම රසායනිකය පැරණි සෝවියට දේශයේ මත්පැන් වෙනුවට අඩු මුදලට පානය කළ විකල්ප මත්පැන් වර්ගයක් බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසා සිටියි.