ඇමෙරිකාවේ මත් උවදුර දුරුකිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම සඳහා ජනපති ට්‍රම්ප් සූදානම් වෙයි.
මත් උවදුරට දැඩිව නතුව සිටින නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේදී ජනතාව අමතමින් ඇමෙරිකානු නායකයා මෙම අදහස් පළ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
තම පාලනාධිකාරිය මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එරෙහිව උපරිම දඬුවම නියම කිරීමට සූදානම්ව සිටියත්, දේශපාලන සහ නීතිමය වශයෙන් ඊට විරුද්ධව හමන සුළඟ සමග තමන්ට තරග කිරීමට සිදුව ඇති බව ඔහු පවසයි.
වේදනා නාශක මෙන්ම හෙරෝයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ඇමෙරිකානු තරුණ තරුණියන් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබීම ජනාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීමට හේතුව බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.