ඉන්දියාවේ මුම්බායි නුවර මුඩුක්කු ප්‍රදේශයක මත්පැන් විෂ වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් 84කට ආසන්න පිරිසකගේ අවමංගල්‍ය කටයුතු සිදුකර තිබේ.
මුම්බායි පොලීසිය පවසන ආකාරයට දශක ගණනාවකට පසුව මත්පැන් විෂවීම හේතුවෙන් එම නගරයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය මෙයයි.
එමෙන්ම, තවදුරටත් පුද්ගලයන් 30 දෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් පොලීසිය පවසයි.
විවිධ අයථා ක්‍රම මගින් නිෂ්පාදනය කෙරෙන අඩු මිල මත්පැන් සඳහා මුඩුක්කු වැසියන් ඇබ්බැහි වී සිටීමද මරණ සංඛ්‍යාව ඉහළ යෑමට හේතුවක් බව ඉන්දීය මාධ්‍ය පවසයි.