ඉන්දියාවේ විවාහ මංගල්‍යයකට ලැබුණු ත්‍යාගයක් විවෘත කිරීමේදී එය පුපුරාගොස් මනාලයා සහ මනාලයාගේ මිත්තණිය ජීවිතක්ෂයට පත්ව, මනාලිය බරපතළ තුවාල ලබා තිබේ.
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ මංගල නිවසකට ත්‍යාගයක් ලෙස ලැබී ඇත්තේ පාර්සල් බෝම්බයක් බව මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොලීසිය පවසයි.
සෞම්‍ය සේඛර් සහ රීමා සාහු යන මෙම මනාල යුවළ පසුගිය පෙබරවාරි 18 වැනිදා විවාහ දිවියට එළඹුණු අතර, ඔවුන්ට සිය විවාහය වෙනුවෙන් මෙම ත්‍යාගය ලැබී තිබුණේ ඉන් දින කිහිපයකට පසුවය.
කෙසේ වෙතත්, ත්‍යාගය ලබාදුන් අයගේ ලිපිනයක් හෝ නමක් නොමැතිව ලැබුණු මෙම ත්‍යාගය කිසිදු වගවිභාගකින් තොරව ඔවුන් විවෘත කර තිබුණු අතර, ත්‍යාගය විවෘත කරනවාත් සමගම එය පුපුරාගිය බව ඔවුන්ගේ ඥාතීහු පවසති.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ මනාලයා සහ 85 වැනි වියෙහි පසුවූ මිත්තණිය බෝම්බය පුපුරා යෑමෙන් සිදුවූ බරපතළ තුවාල සමග රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මෙම පාර්සල් බෝම්බය සැලසුම් කිරීම පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොතිබුණත්, මෙය අදාළ ප්‍රදේශයේම අයෙකු විසින් එල්ල කරන ලද බෝම්බයක් විය හැකි බව පොලීසිය සැක පළ කරයි.