තායිවාන භූ කම්පනය හේතුවෙන් කඩා වැටුණු මහල් නිවාස සංකීරණයේ ඉදිකිරීම් කොන්ත්රාත්කරුවන් පොලිස් අත්අඩංගුවට පත්වූ බව විදෙස් වාර්තා පවසයි.
ගෝල්ඩ් ඩ්රැගන් යනුවෙන් හැඳින්වූ මෙම මහල් නිවාසය කඩා වැටීමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඒ වනවිට ගොඩනැගිල්ල තුළ පුද්ගලයන් 320කට ආසන්න පිරිසක් රැඳී සිටි බව කියැවෙයි.
කෙසේ වෙතත්, මේ වනවිටත් තවත් 100කට ආසන්න පිරිසක් ගොඩනැගිල්ලේ පහත මහල්වල සිරවී සිටින අතර, ඔවුන් බේරාගැනීමට සහන කණ්ඩායම් යුහුසුළුව සිටිති.
මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී එහි බිත්ති පිරවීමට සිමෙන්ති ගල් වෙනුවට හිස් තෙල් ටින් යොදාගෙන තිබෙන අයුරු කඩා වැටුණු ගොඩනැගිල්ලේ දැකිය හැකි අතර, මෙය ගොඩනැගිල්ලේ සවිශක්තිය සම්බන්ධයෙන් දැඩි ප්රශ්නයක් මතුකර ඇත.