ඇෆ්ගනිස්තානයට පසුගිය සඳුදා ඇති වූ භූ කම්පනයෙන් පසුව එහි ප්රබල බලපෑමකට ලක්වූ ඩර්කාද් ප්රදේශය තලේබාන් සටන්කාමීන්ගේ ග්රහණයට නතුව ඇති බව කියයි.
පුද්ගලයන් 360කට ආසන්න පිරිසකට මරු කැඳවමින් ඇෆ්ගනිස්තාන හා පාකිස්තාන දේශසීමාවේදී මෙම භූ කම්පනය ඇති වූ අතර, එය රික්ටර් පරිමාණ 7.5ක් ලෙස සටහන් වී තිබුණි.
ඩර්කාද් ප්රදේශයද අයත් තක්හාර් පළාතේ පොලිස් ප්රකාශකවරයා පවසා සිටියේ තලේබාන් සටන්කාමීන්ගෙන් මෙම ප්රදේශය මුදාගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ක්රියාත්මක වන බවයි.
නමුත්, තලේබාන් සටන්කාමීන් පවසා සිටින්නේ භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට තමන් එම ප්රදේශ වෙත ගිය බවයි. නමුත්, ආරක්ෂක අංශ මැදිහත් වීම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අඩාල වී ඇති බව තලේබාන් සංවිධානය පවසයි.
මෙම භූ කම්පනයෙන් 2,000ක පමණ පිරිසක් තුවාල ලැබූහ.