නයිජීරියාවේ ඉස්ලාමීය අන්වාදී බෝකෝ හරාම් ත්රස්තයන් විසින් පැහැරගන්නා ලද පාසල් සිසුවියන් සෙවීම සඳහා ඇමෙරිකාව නයිජීරියානු කලාපය තුළ ගුවන් සෝදිසි මෙහෙයුමක් සිදුකරන බව ඇමෙරිකාව පවසයි.
මේ සඳහා වූ නිරීක්ෂණ කණ්ඩායමක් මේ වනවිටත් නයිජීරියාවට යවා ඇති බව ඇමරිකාව පෙන්වා දෙයි.
එම පාසල් සිසුවියන් දකුණුදිග පිහිටි බොර්නෝ ප්‍රාන්තයේ ද්විතීයික පාසලකින් පැහැර ගෙන යනු ලැබුවේ මීට මාසයකට පෙරදීය.
මෙම නිරීක්ෂණ මෙහෙයුමේදී නයිජීරියාව හා එක්ව චන්ද්‍රිකා මගින් ලබාගන්නා ජායාරූපද පරීක්ෂා කිරීමට ඇමෙරිකාව බලාපොරොත්තු වෙයි.
මීට දින කිහිපයකට පෙර පාසල් සිසුවියන්ගේ සියයකට වැඩි පිරිසකගේ වීඩියෝවක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ ත්රස්තයන්, දරුවන් වෙනුවෙන් අත්අඩංගුවේ පසුවන සියලුම ත්රස්තයන් මුදාහරින ලෙස කියා සිටියේය.
නමුත්, ඒ ඉල්ලීම නයිජීරියානු රජය එකහෙලාම ප්‍රතික්ෂේප කළේය.
රාජ්‍ය හා ආරක්ෂක දෙපාර්තමේන්තුවල සහ අමරිකානු රහස් ඔත්තු සේවා නිලධාරීන් 30ක් දැනටමත් නයිජීරියාවට ගොස් සිටින බව ජනාධිපති ඔබාමාගේ ප්‍රකාශකයකු වන ජේ.කාර්නි පෙන්වා දී ඇති අතර, මෙහි ගුවනින් නිරීක්ෂණ මෙහෙයවන ලෙස බ්‍රිතාන්‍යයෙන්ද ඉල්ලීමක් කර ඇති බව පැවසෙයි.
එමෙන්ම, බෝකෝ හරාම් සංවිධානයට එරෙහිව සම්බාධක පැනවීමට බල කිරීම සඳහා තම හවුල්කාර රටවල් සමග කටයුතු කරමින් සිටින බවද ජනාධිපති ඔබාමාගේ ප්‍රකාශකයා සඳහන් කළේය.