ඇමෙරිකාවේ බොස්ටන් මැරතන් තරගයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවමට නියම වී සිටින සොකාර් සර්නේව් එම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් අධිකරණයේදී සමාව ඉල්ලා තිබේ.
මෙම ක්‍රියාවට වැරදිකරු වෙමින් පසුගිය බදාදා නිල වශයෙන් මරණ දණ්ඩනයට නියම වූ සර්නේව් පවසා ඇත්තේ, &මා විසින් බිලිගත් ජීවිත වෙනුවෙන් හා ඉන් ඔබට ලබාදුන් වේදනාව වෙනුවෙනුත් සමාව ඉල්ලා සිටිනවා* යනුවෙනි.
ඔහුගේ බියගුළු ක්‍රියාවට විරෝධය පාමින් ෆෙඩරල් අධිකරණය අසල ජීවිතක්ෂයට පත්වූවන්ගේ හා තුවාල ලැබූවන්ගේ ඥාතීන් පෙළ ගැසී සිටි බවද විදෙස් මාධ්‍ය පවසයි.
2013 බොස්ටන් මැරතන් තරගයට සර්නේව් හා ඔහුගේ සහෝදරයා විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 264 දෙනෙකු තුවාල ලැබීය.