නයිජීරියාවෙන් බොකෝ හරාම් ඉස්ලාමීය ත්රස්ත සංවිධානය පරාජයට පත්කිරීම සඳහා එරට ජනපති විසින් නව හමුදා ප්රධානීන්ට මාස තුනක කාලසීමාවක් ලබාදී තිබේ.
නයිජීරියානු අගමැති මුහම්මදු බුහාරි නව හමුදාපතිවරුන් වැඩභාර ගැනීමේ උත්සවයන් හිදී මෙම දින නියමය ලබාදී තිබේ.
පසුගිය මැයි මාසයේදී ජනපති ධුරයට තේරීපත් බුහාරි වසර හයක කාලයක් නයිජීරියාවට තර්ජනයක් වී ඇති බොකෝ හරාම් ත්රස්ත සංවිධානය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බවට ජනතා පොරොන්දුවක් ලබාදුන්නේය.