නයිජීරියාවේ බොකෝ හරාම් ත්රස්තයන් චාද් වෙත එල්ල කරන ලද ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, චාද් භූමියේදී ඔවුන් විසින් එල්ල කරන ලද ප්‍රථම ප්‍රහාරය මෙය බවත් වාර්තා වෙයි.
මෝටර් බෝට්ටු හතරක් යොදාගෙන බොකෝ හරාම් ත්රස්තයන් චාද් වෙත ඇතුළු වී ඇති බවත්, ගම්මානයක් වෙත ඔවුන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් චාද් හමුදා ප්‍රකාශක පවසයි.
කෙසේ වෙතත්, ගම්මානයේ සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකු මරා දමා ඇති අතර, පසුව චාද් හමුදාවේ මැදිහත් වීමෙන් ඉස්ලාමීය සටන්කරුවන් පළවා හැරීමට ඔවුන්ට හැකිවී තිබේ.
බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයට එරෙහි හමුදා මෙහෙයුම් සඳහා නයිජීරියාව, නයිගර් හා කැමරූන් රාජ්‍යයන් සමග මෑතකදී චාද් රාජ්‍යයද එක්විය.