නයිජිරියාවේ බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදීන් විසින් අත්පත් කරගෙන සිටි බාගා නගරය යළි සියතට ගැනීමට එරට හමුදාවන් සමත්ව ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
නයිජීරියානු හමුදාව ට්විටර් පණිවුඩයක් මගින් පවසා සිටින්නේ නගරය තුළ හා අවට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
මෙම ප්‍රහාරයේදී බොකෝ හරාම් ත්රස්තවාදීන් රැසක් ඝාතනය කළ බවද එම හමුදාව විසින් නිකුත් කළ තවත් නිවේදනයක දැක්වී තිබේ.
බාගා නගරය ත්රස්තවාදීන් අතට පත්වීමෙන් පසු සාමාන්‍ය වැසියන් 150ක් පමණ ඝාතනය වූ බව නයිජීරියානු හමුදාව පවසා සිටියත්, නගරවාසීන් පවසන පරිදි මියගිය පිරිස 2,000 ඉක්මවන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදීන් නයිජීරියාව තුළ මේ වනවිට දැවැන්ත ප්රචණ්ඩත්වයක් පතුරුවමින් සිටින අතර, ඔවුන් මෙල්ල කිරීම සඳහා එරට හමුදා දැඩි පරිශ්රමයක නිරතව සිටියි.්