බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා පැමිණි ඉස්ලාමීය ත්‍රස්ත සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමට එරට ආරක්ෂක අංශ ඊයේ (20දා) කටයුතු කර තිබුණි.
රාත්‍රී 8.30ට පමණ මධ්‍යම දුම්රිය ස්ථානය ආශ්‍රිතව කුඩා පිපිරීමක් සිදුවීමත් සමග මෙම පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා වූ උත්සාහයක් බව බෙල්ජියම් බලධාරීහු පවසති.
මේ සමගම අගනුවරට දැඩි හමුදා හා පොලිස් ආරක්ෂාවක් යොදවා දුම්රිය ස්ථානයේ සිට මගීන් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කරමින්, දුම්රිය ගමනාගමනයද තාවකාලිකව අත්හිටුවා තිබුණි.
මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු නොවූවත්, සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ වයස 30 ගුණන්වල පසුවූ බෝම්බකරු අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දීමෙන් පසුව බෝම්බය පුපුරුවා හැරිය බවයි.
කෙසේ වෙතත්, මෙම බෝම්බය සම්පූර්ණයෙන් පිපිරීම ලක් නොවීම නිසා සිදුවීමට ගිය සංහාරයක් වැළකී ඇති බවද ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වෙන අතර, මෙය යුරෝපය පුරා සිදුවන ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාර මාලවේ නවතම සිදුවීම ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි.