බෙල්ජියමේ, චාර්ලෙරෝයි නගරයේ ඉස්ලාමීය අන්තවාදියෙකු විසින් එල්ල කරන ලද මන්නා ප්‍රහාරයකින් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා වෙත වෙඩි තබා ඇති බවත්, තුවාල ලැබූ ඔහු අත්අඩංගුවේ පසුවන බවත් චාර්ලේරෝයි පොලීසිය කියයි.
මෙම ප්‍රහාරකයා එම ප්‍රහාරය සිදුකරන අවස්ථාවේදී අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දුන් බව සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් බී.බී.සී.ය කියයි.
නගරයේ ප්‍රධාන පොලිස් ස්ථානය ඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
2015 නොවැම්බර් මස පැරීසියට හා පසුගිය මාර්තු මාසයේදී බ්‍රසල්ස් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සඳහා එම ත්රස්තයන් මධ්‍යස්ථානයක් ලෙස යොදාගෙන තිබුණේ මෙම චාර්ලේරෝයි නගරයයි.