එදා බර්ලීන් තාප්පයෙන් බෙදී වෙන්වී තිබූ නැගෙනහිර හා බටහිර ජර්මනිය යළි එක්සත් කිරීමේ අඩිතාලම දැමූ තැනැත්තා ලෙස සැලකෙන එරට හිටපු චාන්සලර් හෙල්මුට් කොල් දිවි ගමනට සමුදෙයි.
දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු, බටහිර ජර්මනියේ පිහිටි සිය නිවසේදී අවසන් සුසුම් හෙලන විට 87 වැනි වියෙහි පසුවී ඇත.
වර්ෂ 1982 සිට 1998 දක්වා හෙල්මුට් වසර 16ක කාලයක් ජර්මානු චාන්සලර් ධුරය හෙබවූ අතර, නැසීගිය ප්රංදශ ජනපති ප්රංිශුවා මිතරෝන් සමග එක්ව යූරෝ තනි මුදල් ඒකකය යුරෝපයට හඳුන්වාදීමටද අඩිතාලම දැමූ අයෙකු ලෙස සැලකෙයි.
එහිදී, ජර්මනිය එක්සත් වීමෙන් පසුව ඉන් බ්රිඩතාන්යරයටවත්, රුසියාවටවත් යළි තර්ජනයක් නොමැති බවට ඒත්තු ගැන්වූ නායකයා ලෙස සැලකෙන්නේද හෙල්මුට් ය.
හෙල්මුට්ගේ හදිසි අභාවය තමා දැඩි සංවේගයට පත්වූ අවස්ථාවක් බව වත්මන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් පවසයි.
ඔහු වත්මන් ජර්මනියේ නිර්මාතෘවරයා ලෙස හැඳින්වීමේද වරදක් නැත.