හෙඩ්ෆෝන් නිෂ්පාදන සමාගමක් මෙන්ම, අන්තර්ජාල ගීත සේවා සැපයුම් සමාගමක් වන බීට්ස් ඉලෙක්ට්‍රොනික් සමාගම මිලදී ගැනීම සඳහා තාක්ෂණ ලෝකයේ පෙරලිකාර සමාගමක් වන ඇපල් සූදානමින් සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
එම වාර්තාවන්ට අනුව මෙම ගනුදෙනුව වෙනුවෙන් ඇපල් සමාගම ඇ.ඩො.බිලියන 3.2ක (රු.බිලියන 416ක) මුදලක් දැරීමට සූදානම් බවද කියැවෙයි.
මෙම ගනුදෙනුව සාර්ථක වුවහොත් එය ඇපල් සමාගම් ඉතිහාසයේ විශාලතම අත්පත් කරගැනීම ලෙස වාර්තා වනු ඇත.
ජංගම දුරකථන මෙන්ම ජංගම දුරකථන සංගීත උපාංග ව්‍යාපාරයන් හා අන්තර්ජාල ගීත ලබාදීමේ සේවාන් වෙත පිවිසීමේ ඇපල් සමාගමේ සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස මෙය සැලකෙනු ඇත.