වසර අටක කාලයක් නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජෝන් කී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පවසයි.
මෙය තම ජීවිතයේ ගනු ලැබූ වඩාත් අසීරුතම තීරණයක් බවත්, මීළඟට තමා කළ යුත්තේ කුමක්ද යන්න තමා නොදන්නා බවත් අතිශය සංවේදී කතාවකින් පසුව අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණි.
නව අගමැතිවරයෙකු තෝරාපත් කරගන්නා තුරු එරට නියෝජ්‍ය අගමැති ධුරය හොබන බිල් ඉන්ග්ලිෂ් වැඩබලන අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.
සිය බිරිඳගේ ඉල්ලීමක් මත අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නවසීලන්ත හෙරල්ඩ් පුවත්පත වාර්තා කරයි.
2014 සැප්තැම්බර් මාසයේදී ඔහු තෙවැනි වාරය සඳහාද අගමැති ධුරයට තේරීපත් වුවත්, 2017 මැතිවරණයට ඉදිරිපත් නොවන බවද ඔහු පවසා තිබුණි.