බියොන්සේ වෙජිටේරියන් වුණාම තවත් ලස්සන වෙලා
බියොන්සේ නොවෙල්ස් යනු වර්තමානයේදී ජනප්‍රියත්වයේ හිනිපෙත්තෙහි සිටින ගායිකාවකි. ඒ ජනප්රිතයත්වය තවත් තීව්ර කරමින් ඇය හා ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අතර අනියම් ප්‍රේමයක් ගැනද කසුකුසුවක් ඇති විය.
කෙසේ වෙතත් මේ කතාබහ බියොන්සේගේ අනියම් ප්‍රේමයෙන් ඔබ්බට ගිය ඇගේ රූ සපුව ගැනය. මීට වසරකට පමණ පෙර සිට බියොන්සේ ‘වෙජිටේරියන්’ (ශාකමය ආහාර) ආහාර පමණක් ලබාගැනීම හේතුවෙන් ඇගේ බර අඩුවී, කවුරුත් කතා කරන ඒ සොඳුරු රූ සපුව ඇගෙන් දුරස්වනු ඇතැයි යන්න පිළිබඳව බියොන්සේ ලෝලීහු කණස්සල්ලෙන් පසුවූහ.
කෙසේ නමුත්, 32 හැවිරිදි මේ සොඳුරු ගායිකාව පසුගියදා ස්කොට්ලන්තයේ, ග්ලැස්ගෝව් හි පැවති ‘මිසිස් කාර්ටර් ෂෝ ලෝක සවාරි’ සංගීත ප්රසංගයේදී තමන්ගේ රූ සපුව වෙනදාටත් වඩා ලස්සන වී ඇති බව ඔප්පු කළාය.
නිල් සහ කොළ වර්ණයන් මිශ්‍රිත කෙටි ඇඳුමකින් සැරසී සිටි ඇය ඒ සොඳුරුබව, ඒ කාන්තා ලාලිත්‍ය මොනවාට ඔප් නැංවූවාදැයි සංගීත ප්‍රසංගය නරඹා පිටතට පැමිණෙන ඇයගේ රසික මුහුණුවල ලියැවී පැවති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
