හිටපු අල්කයිඩා නායක ඔසාමා බිල් ලාඩ්න් 2011 වසරේදී ඝාතනය කෙරෙන විට ඔහු සතුව ඇ.ඩො.මිලියන 29ක පමණ පෞද්ගලික වත්කමක් පැවති බව ඇමෙරිකාව කියයි.
පාකිස්තානයේ, අබෝට්ටාබාද් හි ඔහුගේ නිවස වෙත සූක්ෂම ප්‍රහාරයක් දියත් කරමින් ඇමෙරිකානු මෙරීන් භටයන් විසින් සිදුකළ මෙහෙයුමේදී බින් ලාඩ්න්ට අයත් අන්තිම කැමති පත්‍රයද රැගෙන පැමිණීමත් සමග මෙම තතු හෙළි වී තිබේ.
එහිදී, ඔහු සිය පවුලේ උදවියගෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ අවසන් කැමැත්තට අවනත වෙමින්, සිය පෞද්ගලික ධනය දෙවියන්ගේ නාමයෙන් ජිහාඩ් වෙනුවෙන් වියදම් කළ යුතු බවයි.
එමෙන්ම, තවත් ලිපියකින් ඔහු සිය පියාගෙන් ඉල්ලා ඇත්තේ යම් ලෙසකින් තමන් මරණයට පත්වුවහොත් තම බිරිඳ හා දරුවන් රැකබලා ගන්නා ලෙසය.
මේ පණිවුඩය සමග තමන් කිසියම් හෝ මොහොතක මරු වැළඳ ගනීවී යැයි යන සිතිවිල්ල බින් ලාඩ්න්ගේ සිතෙහි පැවති බව පැහැදිලි බව විදෙස් මාධ්‍ය කියයි.