බැන් කී මූන් කොරියාවේ ජනපති ධුරයට සූදානම්ලු?
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් දකුණු කොරියානු ජනාධිපති ධුරය සඳහා තරග කිරීමේ සූදානමකින් පසුවන බව ඉඟි කර තිබේ.
ලෝකයේ ප්‍රධානතම රාජතාන්ත්‍රික ධුරය හෙවත්, එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය සඳහා හෙතෙම මෙම දෙසැම්බරයෙන් පසුව විශ්‍රාම දීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස සිය අවසන් මාධ්‍ය හවුමට එක්වෙමින් මූන් පවසා සිටියේ කෙටි විවේක කාලයකින් පසුව යළි දකුණු කොරියාවට යන බවත්, එහිදී තම රටට සේවය කළ හැකි හොඳම ආකාරය පිළිබඳ අවධානය යොමුකරන බවත්ය.
දකුණු කොරියාවේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2017 දෙසැම්බර් මාසයේදී ය.
කෙසේ වෙතත්, වත්මන් ජනපති පාක් ග්වෙන් - හයිට එරෙහිව පාර්ලිමේන්තුවේ පැවති දෝෂාභියෝගයෙන් ඇය පරාජයට පත්වීමත් සමග ඉදිරි මාස දෙකක කාලය තුළ එරට ජනාධිපතිවරණයක් කැඳවීමේ අවස්ථාවද පවතී.
සිය හිතවතියකට තම බලයට ආවරණය වී අයුතු ආදායමක් හා අයුතු බලයක් උපයා ගැනීමට අවස්ථාව සැලසීම පාක් ග්වෙන් - හයි වෙත එල්ල වූ චෝදනාවයි.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

