දින තුනක් තුළ ඉරාකයේ අගනගරය වන බැග්ඩෑඩය තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් පුපුරුවා හැරීමෙන් මෙම ජීවිත හානි සිදුව ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් ජීවත් වන බායා ප්‍රදේශය ඉලක්ක කරමිනි. මෙම ප්‍රහාරයෙන් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
මෙම ප්‍රහාරයේ වගකීමද IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් භාරගෙන ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් ඒකරාශී වන ස්ථානයක් තම ඉලක්කය වූ බවයි.
මීට පෙර පසුගිය අඟහරුවාදා සහ බදාදා දිනයන් හි සිදුවූ පිපිරීමවලින්ද පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.