ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ද්විත්වයකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය දින තුනක කාලයක් තුළ බැග්ඩෑඩ් නගරයේ එල්ල වූ තෙවැනි ප්‍රහාරය ලෙස සැලකෙයි.
නගර මධ්‍යයේ වූ ටයිරාන් චතුරස්රයේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.
2014 වසරේදී ඉරාකයේ විශාල කොටසක බලය IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් අතට පත්වීමෙන් පසුව බැග්ඩෑඩ් නගරය අවස්ථා කිහිපයකදීම බෝම්බ ප්‍රහාරවලට මෙන්ම, ආයුද සන්නද්ධ ප්‍රහාරවලට ඉලක්ක විය.
කෙසේ වෙතත්, පසුගිය මාසයේදී ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ බව ඉරාක රජය ප්‍රකාශයට පත්කිරීමත් සමග එල්ල කෙරුණු ප්‍රහාර ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවිය.