ඉන්දියාවේ බැංගලෝරයේ පාසලකට කඩා වැදුණු දිවියෙකු නිසා පුද්ගලයන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙසේ තුවාල ලැබූවන් අතර, විද්‍යාඥයෙකු මෙන්ම, සත්වයා අල්ලා ගැනීම සඳහා පැමිණි වනජීවි නිලධාරියෙකුද වෙයි.
කෙසේ වෙතත්, අවසානයේ මෙම දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීම සඳහා පැය 10කට අධික වෙහෙසක් ගැනීමට සිදුව තිබේ.
මෑතකදී කරන ලද සංගණනයකට අනුව ඉන්දියාවේ දිවි ගහණය 12,000 - 14,000ත් අතර ප්‍රමාණයක් ගනී.
පිරිමි සත්වයෙකු වූ මෙම දිවියා පුද්ගලයන්ට පහර දෙන ආකාරය විද්‍යාලයේ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණු අතර, සත්වයා බියට පත්වීමෙන් මෙසේ වඩාත් ප්රකෝපකාරී වී සිටි බව වනජීවී නිලධාරීහු පැවසූහ.