තායිලන්තයේ බැංකොක් නුවර එරාවන් හින්දු මධ්‍යස්ථානය අසල බෝම්බ සිද්ධියට සැකපිට අත්අඩංගුවට පත්වූවන් අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු නොමැති බවත්, ඔවුන් ඔහුට සහාය දැක්වූවන් පමණක් බවත් විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, බෝම්බ සිද්ධිය වූ ස්ථානයේ බෝම්බ බෑගය තබා යන කහ පැහැති ටී ෂර්ටයකින් සැරසුණු ප්‍රධාන සැකකරු තවමත් නිදැල්ලේ බව පැහැදිලි වෙයි.
පුද්ගලයන් 20කට මරු කැඳවූ මෙම බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් වගකීම භාරගෙන නැත.
එමෙන්ම, මෙම බෝම්බ ප්‍රහාරයෙන් හානි වූ හින්දු ප්‍රතිමාව අලුත් වැඩියා කොට ඇති බවද විදෙස් වාර්තා පවසයි.