තායිලන්තයේ බැංකොක් නුවර එරවන් හින්දු ආගමික මධ්‍යස්ථානය අසල බෝම්බ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් අලුත්ම සැකකරුගේ ඇඟිලි සලකුණු එම ස්ථානයෙන් හමුවූ බෝම්බ කොටස්වල ඇඟිලි සලකුණුවලට සමාන බව පොලීසිය කියයි.
කාම්බෝජ දේශසීමා ආසන්නයේදී අත්අඩංගුවට පත් විදේශිකයා මෙම ප්‍රහාරය පසුපස සිටින ප්‍රහාරක කණ්ඩායමේ ප්‍රධාන පුද්ගලයෙකු විය හැකි බව පොලීසිය විශ්වාස කරයි.
කෙසේ වෙතත්, මෙම බෝම්බ සිද්ධියට අදාළව පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉදිරිපත් කර ඇති බවද පොලීසිය කියයි.
අත්අඩංගුවට පත් විදේශිකයා තුර්කි ජාතිකයෙකු බවත්, ඔහු තායි කාන්තාවක සමග විවාහ වී සිටින බවත් පොලීසිය වැඩිදුරටත් කියා සිටියි.