බැංකොක් බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ආකාරයෙන් සැරසී රූපවාහිනී වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කළ තායි රූපවාහිනී සේවයක් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත.
හින්දු ආගමික මධ්‍යස්ථානයේ බැතිමතුන් හා එරට සමාජජාලවල මෙසේ බෝම්බ සිද්ධිය නැවත ප්‍රතිනිර්මාණය කිරීම දැඩි විවේචනයකට ලක්ව තිබීම මෙසේ සමාව ගැනීමට හේතුව වී ඇත.
මෙය එම ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස් වෙත සිදුකළ බලවත් අවමන් කිරීමක් බව එකී විරෝධතාවයන්ගේ දැක්වෙයි.
පසුගිය සඳුදා දිනයෙ සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.
බෝම්බ ප්‍රහාරය සඳහා සැකකරු බෝම්බය රැගෙන එන ආකාරය අසල සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී ඇති අතර, ඒ අනුව යමින් සැකකරුගේ රූපයක්ද මාධ්‍යය වෙත නිකුත් කෙරිණි.