තායිලන්තයේ බැංකොක් නුවර මිනිසුන් ප්රවාහනය කරන කුඩා යාත්රාවක එන්ජිමක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 58 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පවසන පරිදි තුවාලකරුවන්ගෙන් වැඩි පිරිස සුළු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, පිපිරීමත් සමග සුන්බුන් ශරීරයේ වැදීමෙන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවද වාර්තා වෙයි.
බැංකොක් නගරය වටා ඇති ඇළ මාර්ග ඔස්සේ මෙවැනි කුඩා යාත්රා ටැක්සි රථ සේවා පවත්වන අතර, නිරන්තරයෙන් වාහන තදබදය ඇති බැංකොක් අගනුවර මෙම ජල මාර්ග ටැක්සිවලට ඉහළ ඉල්ලුමක් පවතී.