බාලි දූපතේ අගුන්ග් ගිනිකන්ද අවට 42000ක් ඉවත් කරලා
ඉන්දුනීසියාවේ, බාලි දූපත් හි සුප්රසිද්ධ අගුන්ග් ගිනිකන්ද සක්රීය වීමත් සමග ගිනි කන්ද අවට ජීවත්වන 42,000ක් පමණ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බව රතු කුරුස සංවිධානය පවසයි.
මෙම ගිනිකන්ද පිහිටි ප්රදේශයේ කුඩා භූ කම්පන රැසක් සිදුවීමත්, ගිනි කන්ද මතුපිටට ලාවා පැමිණෙමින් ඇති බවට සලකුණු මතුවීමත් සමග මෙම ආරක්ෂිත පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබේ.
එහිදී, ගිනි කන්ද අවට කිලෝමීටර් 12ක වපසරිය තුළ අවදානම් කලාපයක් නම් කරමින්, සිකුරාදා දිනයේදී එම අවදානම උපරිම තත්ත්වයක පවතින බවටද නිවේදනයක් නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත්, බාලි දූපතේ සංචාරකයන් බහුලව ගැවසෙන ප්රදේශ සහ ප්රධාන ගුවන් තොටුපොළට ගිනි කන්ද හේතුවෙන් මෙතෙක් බලපෑමක් සිදුව නොමැති බවද සඳහන් වෙයි.
අගුන්ගි ගිනි කන්ද අවසන් වරට විධාරණය වීම වර්ෂ 1963 දී වාර්තා වූ අතර, ඉන් බාලි වැසියන් 1,000කගේ පමණ ජීවිත අහිමි විය.
කෙසේ වෙතත්, වර්ෂ 1963 සමග සැසඳීමේදී අද වනවිට බාලි යනු විශාල ජන ඝනත්වයක් සහිත ප්රදේශයක් වන අතර, එදාට වඩා මෙහි යටිතල පහසුකම් පද්ධතියද උසස් තත්ත්වයක පවතී.
ඒ අනුව, ගිනි කන්ද විදාරණය වෙමින් සිදුවිය හැකි අනතුර ගැන එදාට වඩා විශ්වසනීය පුරෝකථනයක් කිරීමට හැකිවීමද බාලි වැසියන්ට අස්වැසිල්ලක් වනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.




