වයස අවුරුදු 15ක නව යොවුන් වියේ දැරියන් දෙදෙනෙකු වෙත බාල අපරාධයක් සිදුකළ ඇමෙරිකානුවෙකුට එරෙහිව සිව් වසරක සිර දඬුවමක් පමණක් ලබාදීම ගැන එරට තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
එම්.එම්.ඒ. සටන් ශිල්පියෙකු වන 39 හැවිරිදි ජෝෂුවා රොබින්සන් නමැති මෙම පුද්ගලයාට එරෙහිව නඩු තීන්දුව පසුගිය සතියේදී ප්‍රකාශයට පත්වූ අතර, ඔහු මෙම බාල වයස්කාර දැරියන් දූෂණයට ලක්කර එම සිදුවීම් වීඩියෝගත කර ඇති බවද අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයාගේ කාමරය පරීක්ෂා කිරීමේදී බාල වයස්කාර දැරියන් දැක්වෙන අසභ්‍ය චිත්‍රපට 321ක් සමග තවත් එම ගණයේ චිත්‍රපට රැසක් හමුවී ඇති බව සිංගප්පූරු පොලීසිය පවසයි.
මේ අතර, ඔහුට ලබාදුන් සිව් වසරක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමටද සැරසෙන අතර, ඔහුට නිවැරදි දඬුවමක් ලබාදුන්නේ නම් වසර 10ක් ඉක්මවන සිර දඬුවමක් මෙන්ම දඩයකටද මෙම පුද්ගලයාට යටත් වීමට සිදුවන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, සිංගප්පූරුවේ පොදු අභිචෝක පවසන්නේ මෙම සිදුවීමට මුහුණදුන් වයස අවුරුදු 15ක නව යොවුන් වියේ දැරියන් දෙදෙනා මෙම පුද්ගලයා සමග කැමැත්තෙන්ම එක්වන ආකාරයක් පෙන්නුම් කෙරෙන බැවින් ඔහුට එරෙහිව ලබාදී ඇති දඬුවම ප්‍රමාණවත් බවයි.