බාධක මැද කැටලෝනියා ජනමත විචාරණය ඇරඹේ
ස්පාඤ්ඤයේ පිහිටි කැටලෝනියා පළාත තුළ වෙනම පාලනයක් ඉල්ලා පැවැත්වෙන ජනමත විචාරණය අද (01දා) ආරම්භ විය.
මෙම ජනමත විචාරණය වෙනුවෙන් දැවැන්ත ජන සහභාගීත්වයක් පැවතියත්, ජනමත විචාරණය කඩාකප්පල් කිරීම සඳහා ස්පාඤ්ඤ රජය විවිධ උත්සාහ දරා තිබේ.
එරට රජය පවසන්නේ මෙය නීතිවිරෝධී ජනමත විචාරණයක් බවයි. ඒ අනුව, ජනමත විමසුමේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගත් ගොඩනැගිලි රැසක් වටලා ඒවා වෙත සීල් තැබීමට පොලීසිය කටයුතු කර තිබුණි.
නමුත්, රජයේ මෙම ක්‍රියාව වැළැක්වීමසඳහා ඇතැම් බෙදුම්වාදී පිරිස් මෙන්ම ක්‍රියාකාරීන් ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාවට පසුගිය සිකුරාදා දිනයේ සිට ඒ ආශ්‍රිතව කඳවුරු බැඳගෙන සිටි බවද විදෙස් වර්තා පවසයි.
කැටලෝනියාව ස්පාඤ්ඤයේ පිහිටි වඩාත් සමෘද්ධිමත් පළාතක් ලෙස සැලකෙන අතර, එරට ආර්ථිකයෙන් 20%කට හිමිකම් කියන්නේ මේ පළාතයි.
1978 ස්පාඤ්ඤ ව්‍යවස්ථාවෙන් කැටලෝනියා වෙනම පාලනයක් ඉල්ලූ සංකල්පය ප්‍රතික්ෂේප කෙරුණත්, අලුයට ගිනි පුපුරු මෙන්ම පැවති මෙම අර්බුදයේ උච්චතම අවස්ථාවක් ලෙස මෙම ජනමත විචාරණය සංවිධානය කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




