බ්‍රිතාන්‍යයේ පැවත්වුණු ගුවන් සංදර්ශනයක් අතරතුර ජෙට් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 7කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බ්‍රිතාන්‍යයේ බටහිර සසෙක්ස් ප්‍රාන්තයේ A27 අධිවේගී මාර්ගය මතට කඩා වැටුණු ගුවන් යානය හෝකර් හන්ටර් නම් පැරණි මාදිලියේ ජෙට් යානයක් බව පැවසෙයි.
ගුවන් සංදර්ශනය අතරතුරදී එක්වරම එම යානය පාලනයෙන් මිදී ගොස් අධිවේගී මාර්ගය වෙත කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
යානයේ නියමුවා වූ රාජකීය ගුවන් හමුදාවේ හිටපු ගුවන් නියමු ඇන්ඩි හිල් බරපතල තුවාල ලබා ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේදී එම අනතුර අවම කිරීමට ඔහු බලවත් පරිශ්‍රමයක් ගත් බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.