රුසියානු හිටපු බුද්ධි නිලධාරියෙකු බ්‍රිතාන්‍යයේදී විෂ ශරීරගත වීමකට ලක්වීම හේතුවෙන් මේ වනවිටත් රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් නෙරපීමට ලොව පුරා රටවල් 23ක් ක්‍රියාත්මක වීමට ප්‍රතිචාර ලෙස රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයන් ප්‍රමාණය තවදුරටත් අඩු කිරීමට රුසියාව සැරසෙයි.
ඒ අනුව, මේ වනවිට බ්‍රිතාන්‍යයේ රැඳී සිටින රුසියානු තානාපති නිලධාරීන් ප්‍රමාණයට, රුසියාවේ රැඳී සිටින බ්‍රිතාන්‍ය තානාපති නිලධාරීන් ප්‍රමාණය අඩු කරන ලෙස රුසියාව දන්වා තිබේ.
හිටපු බුද්ධි නිලධාරියා සහ ඔහුගේ දියණිය ඉලක්ක කරගෙන එල්ල වූයේ යැයි කියන විෂ රසායන ප්‍රහාරය තරයේ ප්‍රතික්ෂේප කරමින් රුසියාව මෙම බලපෑම බ්‍රිතාන්‍ය වෙත එල්ල කර ඇත.
කෙසේ වෙතතත්, මේ වනවිට රුසියානු තානාපති නිලධාරීන් 150ක් පමණ බටහිර රටවලින් නෙරපීමට කටයුතු කර තිබේ.
පසුගිය මාර්තු 04දා බ්‍රිතාන්‍යයේ සැලිස්බරි හිදී මෙම හිටපු රුසියානු බුද්ධි නිලධාරියා සහ දියණිය ප්‍රහාරයට නතුව තිබූ අතර, ඔවුන් මේ වනවිට දැඩි සත්කාර එක්කවල ප්‍රතිකාර ලබමින් සිටියත් ඔවුන්ගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බව බ්‍රිතාන්‍ය පවසයි.