බ්‍රිතාන්‍යයේ ලෙයිසෙස්ටර් නගරයේ කඩ කාමරයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙය සැලකිය යුතු පිපිරීමක් බව පෙන්වා දෙන පොලීසිය, ග්‍රිනීච් වේලාවෙන් ඉරිදා රාත්‍රී 7.00ට පමණ පිපිරීම සිදුව ඇති බව කියයි.
ලෙයිසෙස්ටර් හින්ක්ලේ මාර්ගයේ කඩ කාමරයක් මෙම පිපිරීමට ලක්ව ඇති අතර, මේ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත්, එය ත්‍රස්ත ක්‍රියාවක් බවට තොරතුරු නොපවතින බවත් පොලීසිය කියයි.
මේ අතර, තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් පොලීසිය පවසයි.