බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවයෙන් පසුව ගල් අඟුරු යොදාගැනීමකින් තොරව පැය 24ක කාලයක් හෙවත් සම්පූර්ණ දිනයක් විදුලිය උත්පාදනය කළ දිනය ඊයේ (21දා) වාර්තා වී තිබේ.
කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට මුදාහැරීම අවම කිරීමේ වැඩපිළිවෙළ යටතේ බ්‍රිතාන්‍යයේ වූ එකම ගල් අඟුරු බලාගාරයද වර්ෂ 2025 දී වසා දැමීම ඔවුන්ගේ සැලසුම වී තිබේ.
වර්ෂ 1882 දී ලන්ඩනයේදී විවෘත කළ ගල් අඟුරු බලාගාරයකින් පසුව බ්‍රිතාන්‍ය ගල් අඟුරු බලශක්තියෙන් තොරව දිනක් ගත කළ පළමු වැනි දිනය ලෙස එදින ඉතිහාසයට එක්විය.
එරට ජාතික විදුලිබල පද්ධතිය පවසා තිබුණේ, ඔවුන්ගේ බලශක්ති පද්ධතියේ සිදුවන වෙනස්කම්වල පැහැදිලි වෙනස විදහා දැක්වූ දිනයක් ලෙස සිකුරාදා දිනය දැක්විය හැකි බවයි.