බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දුරකථන හා අන්තර්ජාල තොරතුරු වෙත පොලීසියට හා ආරක්ෂක අංශයන්ට ඇතුළු වීමට බලය පැවරෙන හදිසි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම එරට පාර්ලිමේන්තුවේ විවාදයට යොමුවී තිබේ.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරාන් වෙත මේ සඳහා එරට ප්‍රධාන දේශපාලන දහරාවන් තුනෙහිම සහාය හිමිවීමද විශේෂත්වයක් ගෙන ඇති බව කියැවෙයි.
අගමැතිවරයා පවසා සිටින්නේ අපරාධ හා ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් මහජනතාව ආරක්ෂා කරගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතුව ඇති බවය.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙන්නේ මෙය එරට මහජනතාවගේ පෞද්ගලිකත්වයට අතපෙවීමක් බවය.
කෙසේ වෙතත් අගමැතිවරයා නියෝජ්‍ය අමැති නික් ක්ලෙග් සමග මාධ්‍ය හමුවකට එක්වෙමින් එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, එය ජනතාවගේ පෞද්ගලිකත්වය සොයා බලන්නක් නොවන බව අවධාරණය කරයි.