මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන බිලියනපතියන් සංඛ්‍යාව වර්ධනය වී ඇති බවත්, එය ප්‍රථම වතාවට 100 ඉක්මවා ඇති බවත් එරට සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නවතම ධනවතුන්ගේ ලැයිස්තුව පෙන්වා දෙයි.
ඒ අනුව මේ වනවිට මහා බ්‍රිතාන්‍ය තුළ බිලියනපතියන් 104 දෙනෙකු ජීවත් න බවත්, ඔවුන්ගේ සමස්ත වත්කම් එක්ව ගත්කළ ස්ටර්ලිං පවුම් බිලියන 301 ඉක්මවා යන බවද එම වාර්තාව පෙන්වා දෙයි.
ඒ අනුව, ලෝකයේ සෙසු රටවල් සමග සංසන්ධනය කිරීමේදී රටේ ජනගහනයේ අනුපාතයක් ලෙස වැඩිම බිලියනපතියන් පිරිසක් වෙසෙන රට බවටද මහා බ්‍රිතාන්‍ය පත්වෙයි.
එමෙන්ම, ලෝකයේ සෙසු නගර සමග සැසඳීමේදී බිලියනපතියන් වැඩිම පිරිසක් වෙසෙන නගරයට බවට ලන්ඩනය පත්වන අතර, ලන්ඩනයේ පමණක් බිලියනපතියන් 72 දෙනෙක් ජිවත් වෙති. එහි දෙවැනි නගරය බවට පත්වන්නේ බිලියනපතියන් 48 දෙනෙකු ජීවත් වන මොස්කව් නගරයයි.
හින්දුජා ගෘප් ආයතනය පවත්වාගෙන ඉන්දියාවේ උපතලද ශ්‍රී සහ ගෝපි හින්දුජා සහෝදරයන් දෙදෙනා මෙවර එම ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින බව පැවසෙයි.