බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයට අයත් රාජ්‍යයක් ලෙස පැවතීමේ වැදගත්කම පෙන්වීම සඳහා ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා බ්‍රිතාන්‍යයේ සංචාරකයක නිරත වීමට සූදානමින් සිටියි.
බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ රාජ්‍යයක් ලෙස පවතින්නේද, නැත්නම් ස්වාධීන රාජ්‍යයක් ලෙස පවතින්නේද පිළිබඳව පැවැත්වෙන ඡන්ද විමසීමට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා එරට ඡන්ද දායකයන්ගෙන් මෙම ඉල්ලීම කිරීමට සූදානම් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එළැඹෙන ජූනි මාසයේදී මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර, ඔබාමාගේ සංචාරය අප්‍රේල් මාසයේදී යෙදී ඇති බවද කියැවෙයි.
පූර්ව මැතිවරණ විශ්ලේෂණයන්ට අනුව බ්‍රිතාන්‍ය ජනතාවගෙන් බහුතරයක් තවමත් මේ පිළිබඳව මතයකට එළැඹී නොමැති බවද විදෙස් වාර්තා පවසයි.