දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ගුවන් තොටුපොළට ගොඩබැස්සවූ බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක රෝදයක් එක්වරම ක්‍රියාත්මක නොවීමෙන් යානය අනතුරට පත්ව තිබේ.
බී.ඒ.6234 දරණ මෙම යානය අනතුරට පත්වන අවස්ථාවේදී මගීන් 94ක් සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇත.
බෝයිං 737-400 වර්ගයේ යානයේ ඇති වූ මෙම කාර්මික දෝෂය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකනු බලධාරීන් පරීක්ෂණ පවත්වයි.
කෙසේ වෙතත්, යානය අනතුරට පත්වීමෙන් මගීන්ට හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර, හදිසි සේවා කඩිනමින් මගීන් යානයෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබුණි.