බ්රසීලයේ හිටපු ජනපති ලූලා ඉනාසියෝ ද සිල්වා එල්ල වූ දූෂණ චෝදනා යටතේ ඔහුගේ දඬුවම් කාලය තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව එරට මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු විසින් තීරණය කිරීමට නියමිතව තිබේ.
මෙම අධිකරණ තීන්දුව බ්රසීල දේශපාලනයේ අනාගතය පිළිබඳ වඩාත් තීර්ණාත්මක තීරණයක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
2017 වසරේදී කළු සල්ලි ජාවාරම් කිරීම හා දූෂණ චෝදනා යටතේ ලූලා වැරදිකරුවෙකු වුවත්, ඔහු එළැඹෙන ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තවත් ධුර කාලයක් සඳහා බ්රසීලයේ සුක්ඛානය දැරීමට බලාපොරොත්තුවෙන් සිටියි.
ඔහුට තමාට එරෙහිව ඇති චෝදනා තරයේ ප්රතික්ෂේප කරන අතර, මෙය තමා යළිත් බලයට පැමිණීම වැළැක්වීමේ අරමුණින් සිදුකරන දේශපාලන කුමන්ත්රණයක් බවට චෝදනා කරයි.