බ්‍රසීල පරිසර අමාත්‍යවරිය පවසන්නේ තම රටේ වඩාත් ජනාකීර්ණම ප්‍රදේශය 1930 න් පසුව අත්විඳින දැවැන්ත ජල අර්බුදයට මුහුණ දෙමින් සිටින බවයි.
සාඕ පෝලෝ, රියෝ දි ජැනීරෝ සහ මීනාස් ගෙරායිස් යන ප්‍රාන්ත මෙම ජල හිඟයට මුහුණ පා ඇති අතර, එම පළාත්වල දැනට ඇති ජලය ආරක්ෂා කරගැනීමට සියලු ප්‍රයන්ත ගත යුතු බව පරිසර අමාත්‍ය ඉසබෙලා ටෙයිෂීරියා පවසයි.
ඇය මෙම අදහස් දක්වා සිටියේ බ්‍රසීලියා අගනුවර සිට හදිසි ආපදා රැස්වීමක් අමතමිනි.
කර්මාන්ත මෙන්ම කෘෂිකර්මාන්තයද මෙම වියලි කාලගුණයෙන් දැඩි පීඩාවකට පත්වනු ඇති අතර, එය දැනටමත් කඩා වැටී ඇති බ්‍රසීල ආර්ථිකයකටද දැඩි පහරක් බව කියැවෙයි.