බ්‍රසීල උද්ඝෝෂණයකදී තුවාල ලැබූ මාධ්‍යවේදියාගේ මොළය මියයයි
බ්‍රසීලයේ රියෝ දි ජැනයිරෝ නුවරදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර පසුගියදා හටගත් ගැටුමට මැදිව තුවාල ලැබූ කැමරා ශිල්පී සැන්ටියාගෝ අන්ද්‍රාදේ ගේ මොළය මරණයට පත්ව ඇතැයි වෛද්‍යවරු පවසති.
49 හැවිරිදි අන්ද්‍රාදේ එරට 'බෑන්ඩ් ටීවී' රෑපවාහිනී සේවයේ රාජකාරී කළ අයෙකි. රියෝ නගරයේ මධ්‍යම නැවතුම්පොළ අසල පැවති විරෝධතා රැලිය ආවරණය කරමින් සිටියදී ඔහුගේ හිසට ඉහළින් පුපුරාගිය විරෝධතාකරුවන් විසින් එල්ල කළ යමක් නිසා ඔහු දරුණු ලෙස තුවාල ලැබීය.
එහිදී ඔහුගේ මොළයට ශල්‍ය කර්ම කිහිපයක්ම සිදුකළ අතර, තත්ත්වය යහපත් නොවන බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ බ්‍රසීල ජනාධිපති ඩිල්මා රොව්සෙෆ් කියා සිටියේ සිද්ධිය අතිශය කනගාටුදායක සිදුවීමක් බවය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දැනටමත් පොලිස් කණ්ඩායම් යොදවා අති බවද ඇය කියා සිටියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

