බාලවයස්කාර ගණිකාවක් සමග හැසිරීම සඳහා ඇය වෙනුවෙන් මුදල් ගෙවූ බවට වරදකරු වූ හිටපු ඉතාලි අගමැති සිල්වියෝ බර්ලූස්කෝනි ඉදිරිපත් කළ අභියාචනය ජයගෙන ඇති බව වාර්තා වෙයි.
වඩාත් ප්රසිද්ධියට පත් ‘රූබී නමැති හදවත් සොරාගන්නී’ නඩුවෙන් හිටපු අගමැතිවරයාට පැනවී තිබූ වසර හතක සිරදඬුවම මෙම ජයග්රහයත් සමග වීසිවී යන අතර, අගමැතිවරයා චෝදනාවන්ගෙන් නිදහසා ලබා තිබේ.
පසුගිය වසරේදී මෙම නඩු තීන්දුව ප්රකාශයට පත්කරමින් අධිකරණය කියා සිටියේ වයස අවුරුදු 17ක සමාජ ශාලා නර්තන ශිල්පිනියක වූ කරීමා එල්-මහ්රෝ හෙවත් රූබී සමග එකතු වීමට ඇයට මුදල් ගෙවීම සම්බන්ධයෙන් බාලවයස්කාර අපයෝජනයක් හිටපු අගමැතිවරයා විසින් සිදුකර ඇති බවයි.
77 වැනි වියෙහි පසුවන ධන කුවේරයෙකු වූ හිටපු අගමැතිවරයාගේ අගමැති පදවිය පවා අහිමි වීමට මෙම සිදුවීම හේතු වුවත්, පසුගිය කාලයේදි නැවත් සමාජ සේවා කටයුතුවල නිරත වෙමින් තම ජනප්රියත්වය ඉහළ නංවා ගැනීමට හෙතෙම සමත් වී තිබේ.
තෙවරක් ඉතාලියේ අගමැති පදවිය හොබවා ඇති ඔහු එරට දේශපාලනයේ ප්රතාප යෝධයෙකු ලෙස සැලකෙයි. එමෙන්ම, ඔහු තවමත් දක්ෂිණාංශික ෆොර්සා පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරයි.