අයිස්ලන්තයේ බර්ඩාර්ඩුංගා ගිනිකන්ද වෙනුවෙන් නිකුත් කළ රතු අනතුරු ඇඟවීම තැඹිලි අනතුරු ඇඟවීමක් දක්වා පහළ හෙළීමට එරට රජය කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, මෙසේ රතු නිවේදනය තරමක් පහළ දැමුවද ගිනිකන්ද ආශ්රිත අභ්‍යන්තර පිපිරීම්වල පැහැදිලි වෙනසක් දැකිය නොහැකි බවද බලධාරීහු පවසති.
මීට පෙර බර්ඩාර්ඩුංගා ගිනිකන්ද ආශ්‍රිතව භූමිකම්පා දෙකක් වාර්තා විය.
කෙසේ වෙතත්, එම භූමිකම්පා ගිනිකන්දේ පිපිරීමක් ඇතිකළ හැකි තරමේ ඒවා බව කියවුණි.
අයිස්ලන්තයටම අයත් අයිජාෆ්ජාල්ලාජෝකුල් ගිනිකන්ද වර්ෂ 2010 දී විදාරණය වීමෙන් ඇතිවූ දුම් වළාවන් ගුවන් ගමන්වලට දැඩි බලපෑමක් ඇති කළ අතර, මෙවරද යම් හෙයකින් බර්ඩාර්ඩුංගා ගිනිකන්ද පිපිරීමෙන් ඇතිවන දුම්වළාවන් නිසා ගුවන් ගමන්වලට සිදුවිය හැකි බලපෑම හේතුවෙන් මෙසේ රතු අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.