බටහිර වෙත සිදුකෙරෙන රුසියානු අතපෙවීම් මෙන්ම, චීනය විසින් බටහිර වෙත සිදුකරමින් ඇති අභිරහස් බලපෑම් පිළිබඳවද ඇමෙරිකාව දැඩි අවධානයකින් පසුවන බව ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියා පවසයි.
මයික් පොම්පේ පවසන්නේ චීනයට මේ වනවිට දැවැන්ත සම්බන්ධතා පවතින් බැවින් රුසියාවට වඩා බටහිර වෙත අභිරහස් බලපෑම් කිරීමේ හැකියාවක් හා ශක්‍යතාවක් චීනය වෙතද පවතින බවයි.
චීනය සහ රුසියාව වෙන් වෙන්ව ගත්විට එම ආර්ථිකයන් හි පරතරය කොතරම් දැයි හඳුනාගැනීමට හැකි බවද බුද්ධි අංශ නායකයා පවසයි.
මෙම වසර මුලදී හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු විසින් ඇමෙරිකාව විසින් චීනය සම්බන්ධයෙන් සිදුකළ බුද්ධි තොරතුරු පිට කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්විය.